සැවැන්දරා
සැවැන්දරා
කදුකර ප්‍රදේශ වල බහුල වශයෙන් දක්නට ලැබෙන තෘණ පදුරක් වැනි ශාකයකි. මෙම ශාකයේ වෙනත් ශාක වලට වඩා පස් ඇතුලට මුල් ගමන් කිරීම ප්‍රබලයි. ඒ නිසාම මේ ශාකය පාංශු ඛාදනය වළක්වන පසට හිතකර ශාකයක් ලෙසත් පිළිගන්න පුළුවන්.
සුගන්ධි මුල් ශීත මුල් වැනි නම් වලින් හදුන්වන සැවැනදරා මුල් සුවද විලවුන් සෑදීම සදහාද යොදා ගනී. ඕස්ට්‍රේලියාව අප්‍රිකාව හා දකුනු ඇමරිකාව වැනි රටවලත් සැවැන්දරා යොදා ගනිමින් විවිධ නිශ්පාදන සකස් කරනු ලබයි. සැවැන්දරා නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් හරහා සුගන්ධවත් තෛලයක් ලබාගත හැකිය.
ඖෂධීය වටිනාකම
- සෙම් පිත් සමනය කරයි.
- දැවිල්ල නසයි.
- බඩගින්න ඇති කරයි.
- සැවැන්දරා වලින් වෙන් කරගත් තෙල් බිංදු දෙකක් දිව ගෑමෙන් වමනය වලකයි.
- සැවැන්දරා මුල් කුඩු කර ඇල් දියෙන් පෙරා බීම මුත්‍රා රෝග වලට ගුණදායකයි.
- ශරීරයේ දැවිල්ලට හා අධික දහඩිය දැමීම වැළැක්වීමට සැවැන්දරා මුල් ඇල්වතුරින් අඔරා ඇගේ ගා පැයකින් පසු නෑම සුදුසුයි.
- ළපටි පත්‍ර සත්ත්ව ආහාර ලෙස ගැනේ.
- සුදු හදුන් හා සැවැන්දරා මුල් වියලා කුඩු කර රෑ කාලයේ දී තැබිලි ගෙඩියක දමා වසා එළිමහනක තබා උදේට පෙරා බොන්න. ඌෂ්ණ භාවය නිසා ඇතිවූ දැවිල්ල දහඩිය ගැලීම හා සමේ රෝග සනීප වේ.
- මුද්දරප්පලම් සුදු හදුන් සැවැන්දරා මුල් හා උක් ගස් රෑට ජලයේ දමා උදේට පොඩිකර පෙරා සීනි හා පොරි කුඩුකර දමා බොන්න. මෙය ශරීරගත උශ්ණත්වයෙන් ඇතිවූ පිපාසයට උචිතයි.
- සැවැන්දරා මුල් වී පොරි සුදු හදුන් මානෙල් අල ඉරිවේරිය දඩු සමාන ප්‍රමාන බැගින් ගෙන පත අට එකට සිද පෙරා සීනි දමා බීමෙන් අම්ල පිත්ත රෝගය සුව කරයි.
- සුදු හදුන් ඉරමුසු ඉරිවේරිය ගල් කුර මුල් හාතාවාරිය අල වැලිමී මුද්දරප්පලම් වැල්මදට මානෙල් අල සැවැන්දරා මුල් මේවා කලං 1යි මදටිය 4 බැගින් ගෙන වතුර පත අට එකට සිද පෙරා මී පැණි දමා වරකට පත භාගය බැගින් උදේ හවස දෙන්න. මෙය කාන්තාවන්ගේ ප්‍රදර රෝගවලට හිතකරය. එසේම රත්පිත් දැවිල්ල කරකැවිල්ල ආදිය දුරු වී ඇග නිවීමට ගන්නා කෂායකි.
සැවැන්දරා සදහා ඉතා හොද වෙළදපොළ ඉල්ලුමක් ඇති හෙයින් එය වාණිඡමය වගාවක් ලෙස ඉතා හොද ආදායමක් ලබාගත හැකි ඖෂධීය ශාකයකි. ආයුර්වේද ඖෂධ කර්මාන්තයට මෙන්ම සුගන්ධ තෛල නිශ්පාදනයට සැවැන්දරා බහුලව භාවිතා වේ.
Comments
Post a Comment