ගොටුකොළ



                             ගොටුකොළ




අඩි 2-3 පමණ දිගට බිම දිගේ ඇදී යන ශාකයකි. එහි ඇති ගැටවලින් මුල් හටගනී. රවුම් හැඩයෙන් යුක්ත පත්‍ර කුඩාය. සෙන්ටි මීටර් 2-4 දක්වා දිගයි. පත්‍රයේ අග කොටස දන්තූරය. මල් ඉතා කුඩාය. රෝස පැහැයට හුරු රත් පාටය. ඵලය කුඩාය. ගොටුකොළ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අඩි 7000 දක්වා උස් ප්‍රදේශයන්හි තෙතමනය සහිත බිම්වල සරුවට වැවේ. ගොටුකොළ Apiaceae කුලයට අයත්ය.

විටමින් A,G,K සහ Mg ඉතා ඉහළ ලෙස අඩංගු වන අතර ශ්‍රී ලාංකිකයින් බහුල වශයෙන් සම්බෝල ලෙස හෝ කැද වශයෙන් ආහාරයට ගනු ලබයි.

ඖෂධීය වටිනාකම

අතීතයේ දී ගොටුකොළ හැදින්වූයේ දීර්ඝායුෂ ලබා දෙන මතකය නුවණ වඩවන ස්වාභාවික දිව්‍ය ඖෂධයක් ලෙසයි. නමුත් ගොටුකොළවල ඇති විශ්මිත ගුණ සමුදාය එපමණක්  නොවේ. 

  • මතක ශක්තිය වැඩි කිරීමටත් 
  • මොළයේ සෛල නැවත වර්ධනයටත් 
  • ස්නායුක හා රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත් 
  • ආහාර ඡීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත් 
  • ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව  සොයාගෙන ඇත.
  • පීනස සුව කරයි. 
  • ඉදිමුම හා මල බද්ධය පහ කරයි. 
  • තන කිරි වඩවයි. 
  • ගොටුකොළ යුෂ රතුළූනු හා වෙනත් ඖෂධ වර්ග සමග එකට යොදා බීමෙන් පීනස අර්ශස් හා බාලක අතීසාරය හා තොල කට වණ වීම සුව වේ. 
  • ධාරණ ශක්තිය ලැබීමට ගොටුකොළ චූර්ණයත් 
  • උළුක්කුවට ගොටුකොළ අමු කහ සහ මැල්ල පොතු යොදා තැනූ මැල්ලුමත් 
  • දිවි මකුළු විෂට ගොටුකොළ යුෂයත් ප්‍රත්‍යක්ශ ඔසු වේ.


විශේෂයෙන් එළකිරි සමග ගොටුකොළ ශාකය තම්බා එය වියලා කුඩු කර එළකිරි සමග පානය කිරීමෙන් හෝ නැවුම් ගොටුකොළ යුෂය එළකිරි සමග පානය කිරීමෙන් නව යොවුන් විය ආරක්ෂා කර ගත හැකි බව සොයාගෙන ඇත. 





Comments

Popular posts from this blog

සැවැන්දරා

කෝමාරිකා