කෝමාරිකා
කෝමාරිකා Aloe Vera
කෝමාරිකා ශාකය ඖෂධයක්
වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන් ද භාවිතා කළ හැකි වන අතර අතීතයේ දී කුමාරිකාවන්ගේ රුව
වැඩීමට බහුලව භාවිතා කල ඖෂධයක් වන නිසා කුමාරිකා යන නාමය ද හිමි වේ. රසෝනා
කුලයට අයත් ශාකයක් වන කෝමාරිකා වර් ග කිහිපයක් ඇති නමුත් බහුලව ඖෂධයක් ලෙස යොදාගනු
ලබන්නේ කොළ පැහැති සුදු ලප සහිත පළල් මාංසල පත්‍ර සහිත කෝමාරිකා විශේෂය යි.
කෝමාරිකා මල් තැබිලි
පැහැයක් ගන්නා අතර නාලාකාර වේ. සාමාන්‍යයෙන් මල් හටගන්නේ වියළි කාලයේ දී ය. ශ්‍රී
ලංකාව, පාකිස්තානය, චීනය, උතුරු අප්‍රිකාව යන රටවල කෝමාරිකා ශාකය දැකගත හැකි
නමුත් වර්තමානය වන විට යුරෝපීය රටවල පවා ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවේ වියළි ප්‍රදේශයන්
තුළ වැවෙන කෝමාරිකා ශාකය හම්බන්තොට, කතරගම, කන්කසන්කුරේ, මන්නාරම, කල්පිටිය, යාපනය යන ප්‍රදේශ වල ප්‍රධාන
වශයෙන් දැක ගත හැකි අතර ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කිරීමේ හැකියාව ද පවතී.
කෝමාරිකා
වල විශ්මිත ගුණ
2. ඇස් දැවිල්ල, කබ ගැලීම ආදී ඇස් රෝග සදහා ගුණදායකයි.
3. අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කර අක්මාව ආරක්ෂා කරයි.
4. ප්‍රති ඔක්ෂිකාරක ගුණයෙන් යුක්ත නිසා තරුණ බව ආරක්ෂා කරයි.
5. වයසට යාම නිසා ඇතිවන සමේ එල්ලා වැටීම වළක්වයි.
6. සමේ තෙතමනය ආරක්ෂා කරයි.
7. මූත්‍රා දැවිල්ල පාලනය කරයි.
8. විශේෂයෙන් අම්ල පිත්ත රෝගයට ගුණදායකයි.
9. මලබද්ධය සුව කරයි.
10. කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ දී වේදනාව පාලනය කරයි
11. හිස්හොරි වළක්වා හිසකෙස් නීරෝගීමත් කරයි.
විශේෂයෙන් මස් මාංශ
අනුබවයෙන් තොර ආහාර පමණක් ලබා ගන්නා අයට වඩාත් ගුණදායී ආහාරයක් ලෙස කොමාරිකා හදුන්වා
දිය හැකිය. තව ද මාරාන්තික සිරෝසීස්, සෙංගමාලය, අම්ල පිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස්, ඇග ඉදිමුම, ආතරයිටීස්, දණහිස් වළලුකර ඉදිමුම, මුත්‍රා අඩස්සිය, අපස්මාරය, පාණ්ඩුව ආදී රෝගීන්
සදහා කෝමාරිකා ආහාරයක් ලෙස ගැනීමෙන් එම රෝග මුලුමනින්ම පාලනය කරගත හැකිය.
පෙණහලු රෝග වලට
අමු කහ කෝමාරිකා මද සමග
හොදින් අඔරා බෙල්ලේ සහ පිටේ ආලේප කරන්න.
කල් පවතින කැස්සට
කෝමාරිකා මද තේ හැදි 01, මී පැණි තේ හැදි 01, වියළි ඉගුරු තේ හැදි ¼, ගම්මිරිස් කුඩු තේ හැදි
01 හොදින් අඔරා ටික ටික අනුභව කරන්න.
ඇස් දැවිල්ලට
අරළු කුඩු, සූකිරි, මී පැණි, කෝමාරිකා මද සමව ගෙන
හොදින් මිශ්‍ර කර ඇස් මත ටික වේලාවක් තබා සිටින්න.
හිස කෙස් වැඩීමට
ගොඩපර තම්බාගත් වතුරට කෝමාරිකා
මද හොදින් මිශ්‍ර කර හිස ගල්වා තබා ටික වේලාවකින් සෝදා හරින්න.
රුව වඩවා ගැනීමට
කෝමාරිකා යුෂ ගෙන මුහුණේ
ආලේප කිරීමෙන් ලප කැලැල් නැති වේ.
අම්ල පිතට
මද රස්නෙ වතුර වීදුරුවකට
කෝමාරිකා යුෂ හැදි 02යි, මී පණි හැදි 02යි දමා හොදින් කලවම් කර බොන්න.
සිරෝසීස් රෝගීන්ට
මුං ඇට වතුරට කෝමාරිකා
මද මිශ්‍ර කර පානය කරන්න.
ආතරයිටීස්
කෝමාරිකා මද ගිතෙල් සමග
මිශ්‍ර කර අනුබව කරන්න.
උදෑසන හිස්බඩ කෝමාරිකා
යුෂ ස්වල්පයක් සමග මිශ්‍ර කර පානය කිරීමෙන් ආහාර මාරගය හොදින් පිරිසිදු වී කුසගිනි
වඩවයි. එමෙන්ම පණු රෝග ද සුවපත් කරවයි. ආහාරයක් ලෙස හෝ ඖෂධයක් ලෙස කෝමාරිකා භාවිතා
කිරීමෙන් රුධිරයේ ඔක්ෂිඡන් ප්‍රමාණය වැඩි කර ශරීරයේ සෛල ශක්තිමත් කිරීමට උපකාරී
වේ.
Comments
Post a Comment