සැවැන්දරා
සැවැන්දරා කදුකර ප්‍රදේශ වල බහුල වශයෙන් දක්නට ලැබෙන තෘණ පදුරක් වැනි ශාකයකි. මෙම ශාකයේ වෙනත් ශාක වලට වඩා පස් ඇතුලට මුල් ගමන් කිරීම ප්‍රබලයි. ඒ නිසාම මේ ශාකය පාංශු ඛාදනය වළක්වන පසට හිතකර ශාකයක් ලෙසත් පිළිගන්න පුළුවන්. සුගන්ධි මුල් ශීත මුල් වැනි නම් වලින් හදුන්වන සැවැනදරා මුල් සුවද විලවුන් සෑදීම සදහාද යොදා ගනී. ඕස්ට්‍රේලියාව අප්‍රිකාව හා දකුනු ඇමරිකාව වැනි රටවලත් සැවැන්දරා යොදා ගනිමින් විවිධ නිශ්පාදන සකස් කරනු ලබයි. සැවැන්දරා නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් හරහා සුගන්ධවත් තෛලයක් ලබාගත හැකිය. ඖෂධීය වටිනාකම සෙම් පිත් සමනය කරයි. දැවිල්ල නසයි. බඩගින්න ඇති කරයි. සැවැන්දරා වලින් වෙන් කරගත් තෙල් බිංදු දෙකක් දිව ගෑමෙන් වමනය වලකයි. සැවැන්දරා මුල් කුඩු කර ඇල් දියෙන් පෙරා බීම මුත්‍රා රෝග වලට ගුණදායකයි. ශරීරයේ දැවිල්ලට හා අධික දහඩිය දැමීම වැළැක්වීමට සැවැන්දරා මුල් ඇල්වතුරින් අඔරා ඇගේ ගා පැයකින් පසු නෑම සුදුසුයි. ළපටි පත්‍ර සත්ත්ව ආහාර ලෙස ගැනේ. සුදු හදුන් හා සැවැන්දරා මුල් වියලා කුඩු කර රෑ කාලයේ දී තැබිලි ගෙඩියක දමා වසා එළිමහනක තබා උදේට පෙරා බොන්න. ඌෂ්ණ භාවය නිසා ඇ