Posts

සැවැන්දරා

Image
සැවැන්දරා කදුකර ප්‍රදේශ වල බහුල වශයෙන් දක්නට ලැබෙන තෘණ පදුරක් වැනි ශාකයකි. මෙම ශාකයේ වෙනත් ශාක වලට වඩා පස් ඇතුලට මුල් ගමන් කිරීම ප්‍රබලයි. ඒ නිසාම මේ ශාකය පාංශු ඛාදනය වළක්වන පසට හිතකර ශාකයක් ලෙසත් පිළිගන්න පුළුවන්. සුගන්ධි මුල් ශීත මුල් වැනි නම් වලින් හදුන්වන සැවැනදරා මුල් සුවද විලවුන් සෑදීම සදහාද යොදා ගනී. ඕස්ට්‍රේලියාව අප්‍රිකාව හා දකුනු ඇමරිකාව වැනි රටවලත් සැවැන්දරා යොදා ගනිමින් විවිධ නිශ්පාදන සකස් කරනු ලබයි. සැවැන්දරා නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් හරහා සුගන්ධවත් තෛලයක් ලබාගත හැකිය. ඖෂධීය වටිනාකම සෙම් පිත් සමනය කරයි. දැවිල්ල නසයි. බඩගින්න ඇති කරයි. සැවැන්දරා වලින් වෙන් කරගත් තෙල් බිංදු දෙකක් දිව ගෑමෙන් වමනය  වලකයි. සැවැන්දරා මුල් කුඩු කර ඇල් දියෙන් පෙරා බීම මුත්‍රා  රෝග වලට ගුණදායකයි. ශරීරයේ දැවිල්ලට හා අධික දහඩිය දැමීම වැළැක්වීමට සැවැන්දරා මුල් ඇල්වතුරින් අඔරා ඇගේ ගා පැයකින් පසු නෑම සුදුසුයි. ළපටි පත්‍ර සත්ත්ව ආහාර ලෙස ගැනේ. සුදු හදුන් හා සැවැන්දරා මුල් වියලා කුඩු කර රෑ කාලයේ දී තැබිලි ගෙඩියක දමා වසා එළිමහනක තබා උදේට පෙරා බොන්න. ඌෂ්ණ භාවය නිසා ඇ

ගොටුකොළ

Image
                             ගොටුකොළ අඩි 2-3 පමණ දිගට බිම දිගේ ඇදී යන ශාකයකි. එහි ඇති ගැටවලින් මුල් හටගනී. රවුම් හැඩයෙන් යුක්ත පත්‍ර කුඩාය. සෙන්ටි මීටර් 2-4 දක්වා දිගයි. පත්‍රයේ අග කොටස දන්තූරය. මල් ඉතා කුඩාය. රෝස පැහැයට හුරු රත් පාටය. ඵලය කුඩාය. ගොටුකොළ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අඩි 7000 දක්වා උස් ප්‍රදේශයන්හි තෙතමනය සහිත බිම්වල සරුවට වැවේ. ගොටුකොළ Apiaceae කුලයට අයත්ය. විටමින් A,G,K සහ Mg ඉතා ඉහළ ලෙස අඩංගු වන අතර ශ්‍රී ලාංකිකයින් බහුල වශයෙන් සම්බෝල ලෙස හෝ කැද වශයෙන් ආහාරයට ගනු ලබයි. ඖෂධීය වටිනාකම අතීතයේ දී ගොටුකොළ හැදින්වූයේ දීර්ඝායුෂ ලබා දෙන මතකය නුවණ වඩවන ස්වාභාවික දිව්‍ය ඖෂධයක් ලෙසයි. නමුත් ගොටුකොළවල ඇති විශ්මිත ගුණ සමුදාය එපමණක්  නොවේ.  මතක ශක්තිය වැඩි කිරීමටත්  මොළයේ සෛල නැවත වර්ධනයටත්  ස්නායුක හා රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්  ආහාර ඡීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්  ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව  සොයාගෙන ඇත. පීනස සුව කරයි.  ඉදිමුම හා මල බද්ධය පහ කරයි.  තන කිරි වඩවයි.  ගොටුකොළ යුෂ රතු

කෝමාරිකා

Image
කෝමාරිකා Aloe Vera කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් වශයෙන් ද භාවිතා කළ හැකි වන අතර අතීතයේ දී කුමාරිකාවන්ගේ රුව වැඩීමට බහුලව භාවිතා කල ඖෂධයක් වන නිසා කුමාරිකා යන නාමය ද හිමි වේ. රසෝනා කුලයට අයත් ශාකයක් වන කෝමාරිකා වර් ග කිහිපයක් ඇති නමුත් බහුලව ඖෂධයක් ලෙස යොදාගනු ලබන්නේ කොළ පැහැති සුදු ලප සහිත පළල් මාංසල පත්‍ර සහිත කෝමාරිකා විශේෂය යි. කෝමාරිකා මල් තැබිලි පැහැයක් ගන්නා අතර නාලාකාර වේ. සාමාන්‍යයෙන් මල් හටගන්නේ වියළි කාලයේ දී ය. ශ්‍රී ලංකාව , පාකිස්තානය , චීනය , උතුරු අප්‍රිකාව යන රටවල කෝමාරිකා ශාකය දැකගත හැකි නමුත් වර්තමානය වන විට යුරෝපීය රටවල පවා ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවේ වියළි ප්‍රදේශයන් තුළ වැවෙන කෝමාරිකා ශාකය හම්බන්තොට , කතරගම , කන්කසන්කුරේ , මන්නාරම , කල්පිටිය , යාපනය යන ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් දැක ගත හැකි අතර ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කිරීමේ හැකියාව ද පවතී.                 කෝමාරිකා වල විශ්මිත ගුණ 1.       ආහාර ඡීරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කරයි. 2.       ඇස් දැවිල්ල , කබ ගැලීම ආදී ඇස් රෝග සදහා ගුණදායකයි. 3.       අක්මාවේ ක